Header Ads

Breaking News
recent

මහින්දානන්නදගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් විරෝධය.. ඇමති ප්‍රසන්න මහින්දානන්නදට රිදෙන්න දෙයි

විදේශගත ශ්‍රී ලාන්කික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කර ගැනීම සදහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශවයක් වන අතරම මාතෘ භූමියේ අනාගතය පිළිබද විශේෂ දැක්මක් ඇති පිරිසකි.

පසුගිය දිනෙක කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143 ක විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983 කට වැඩි පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078 ක් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4040 ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 , යැපෙන්නන් 3527 ක්, ද්විත්ව පුරවැසියන් 484 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත් ය. පහුගිය මාර්තු 19 වන දින ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21 ක සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරු සිසු සිසුවියන් පුහුණුව සදහා ගිය රජයේ නිළධාරීන් රට විරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් මේ අතර වෙයි.

මේ වන විටත් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග ඇතුළු සියලු රටවල සිටින විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන කිසිසේත් අතහැර දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ රජයේ සුදානමක් නැත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබද ව නිරන්තරයෙන් ම ඇමති මණ්ඩලය දැනුවත් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමීණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා කුමන තත්ත්වයක් යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් ඒ සදහා කටයුතු කිරීමේ දී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය, ඇමෙරිකාව වැනි තත්ත්වයන් රටතුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකි ය. එවැනි තත්වයක් මතුවුවහෝත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව පියා ස්වාමිපුරුෂයා හෝ බිරිද නැතහොත් දරු දැරියන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලු දෙනා වටහාගත යුතුව තිබේ. රටතුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේ ම සමීපතමයන්ය. විදේශගත ව පීඩාවට පත්ව සිටින්නේ ද – අනතුරුදායක තත්ත්වයේ සිටින්නේ ද අපේ ම පුරවැසියෝ ය. මේ නිසා පවතින තත්වය පිලිබදව ඉවසීමෙන් සිතා බලන ලෙස අපි මේ මොහෝතේ සියළු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු ඔබ මෙන්ම මෙරට සියළු දෙනා ආරක්ෂා කර ගැනීම රජයක් ලෙස අපගේ යුතුකම හා වගකීමයි. ඒ යුතුකම හා වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිසිසේත් පැහැර හරින්නේ නැත.

ඒ නිසා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින විදේශගත ශ්‍රී ලාංකික රටවිරුවන්ගෙනුත් ඔවුන්ගේ ඥාතීන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලන ඕනෑ එපාකම් වලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඔබ අපේ මතෘභූමියට කළ සේවය හෝ ඔබේ වටිනාකම අප කිසිසේත් අමතක කර නොමැති බව අවධාරණය කරමි.

ප්‍රසන්න රණතුංග
(කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති)

No comments:

Powered by Blogger.