Header Ads

Breaking News
recent

විශේෂ ගුවන් යානයකින් මත්තලට විදේශිකයන් පිරිසක්..

විශේෂ ගුවන් යානයකින් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශකයින් පිරිසක් ගාල්ල වරාය ආසන්නයේ නවතා තිබූ නෞකාවන් වෙතත් එම නෞකාවන්හි සිටි තවත් විදේශිකයින් පිරිසක් මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි එම ගුවන් යානය වෙතත් පිටත්කර යැවීමට අවශ්‍යය ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදාව ඊයේ (29) කටයුතු කළේය.

මත්තල ගුවන් තොටුපලින් මෙසේ මෙරටට පැමිණ ඇත්තේ ගාල්ල වරාය ආසන්නයේ ඇති විදේශ නෞකා තුනකට අයත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හතලිස් එක් (41) දෙනෙකි. ඔවුන් මත්තල සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කිරීමටත් එම නෞකා වල සිටි කාර්යය මණ්ඩලයේ තවත් විදේශිකයන් 35 දෙනෙකු නැවත ඔවුන්ගේ මව් රටවල් බලා ගමන් කිරිමට ගාල්ල සිට මත්තල ගුවන් තොටුපල දක්වාත් ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

නාවික හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විදේශිකයින් පිරිස විෂබීජහරණය කර ඊට අදාල සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කල බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුර කියයි.

කොරෝනා වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක වෛරසය පාලනයට මෙරට තුල ගෙන ඇති වැඩපිළිවෙල එම විදේශිකයන් විසින් ඉතා අගය කරන ලද අතර ඔවුන් වෙත නාවික හමුදාව විසින් ලබා දෙන ලද මෙම සහය සම්බන්ධයෙන් සිය ස්තූතිය පල කිරීමටද විදේශිකයින් පිරිස මෙහිදී කටයුතු කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

No comments:

Powered by Blogger.