Header Ads

Breaking News
recent

හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක්… කොටි බෝම්බ රැසක් සොයාගනී..

මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාසක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් හා මන්නාරම් අඩම්පන් පොලීසිය ඒකාබද්දව වෙඩිතලතිව් ප්‍රදේශයේදී සිදුකරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී අතහැර දමන ලද ළිඳක්තුල තිබී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද පුද්ගල නාශක බෝම්බ 29 ක් හා මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් තිබී සොයාගෙන ඇත.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ කොටි සංවිධානය විසින් මෙම බෝම්බ ළිඳට දමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක පල කරන අතර සොයාගත් බෝම්බ තොගය මන්නාරම් අධීකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන අඩම්පන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Powered by Blogger.