Header Ads

Breaking News
recent

"පී.බී මහත්තයෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට නම් අත තියන්න එපා... ඕන නම් අපේ පෙන්ෂන් එක ගන්න - (video)

COVID 19 මුළු බර රජය ජනතාව මත පැටවීමට උත්සහ කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය.

ඇමතිවරු,මන්ත්‍රීවරු ඔවුන්ගේ ලේකම්වරුන්ගේ වැටුප මේ මොහොතේ පරිත්‍යාග කළත් ඒ බර ජනතාව මත නොවැටිය යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් රාජ්‍ය සේවකයාගේ වැටුපට අත නොතබන ලෙස විජයමුණි සොයිසා මහතා ආණ්ඩුවට අවධාරණය කරන ලදී.

අවශ්‍ය නම් ඔවුන්ගේ විශ්‍රාම වැටුපද COVID 19 වෙත ලබා දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ යෝජනාවෙන් දැන් සිදුව ඇත්තේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ වැඩක් බවද ඔහු පෙන්වා දුන්නේය.

විජිත් විජයමුණි සොයිසා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Powered by Blogger.