Header Ads

Breaking News
recent

anil jasinghe

කොරෝනා වෛරසය මෙරට ප්‍රජාව අතර පැතිර යා නොදී මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සදුදා දින වන විට රජයේ හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය අනුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පොදු මහජනතාවට ලබා දී ඇති බවද ඔහු පැවසීය.
එම උපදේශ නිසි පරිදි පිළිපදින්නේ නම් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

දිගින් දිගටම රටේ එදිනෙදා කටයුතු නවතා දමා ඉදිරියට යා නොහැකි නිසා ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා කටයුතු ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසුවේය.

එනිසා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමින් රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ හැකි බවත් එහිදී සියලුම ජනතාවට තම තමන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු බවද ඔහු අවධාරණය කලේය.


No comments:

Powered by Blogger.