Header Ads

Breaking News
recent

අද රාත්‍රී 10 සිට යළිත් දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙන්නේ මෙහෙමයි

ද රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බවය.

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් හෙට දිනයේ රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් J.J. රත්නසිරි මහතා විසින් නිකුත් කළ නිවේදනයකට අනුවය.

කෙසේ වෙතත් එළඹෙන ඉරිදා දින සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන්නේද යන වග මෙතෙක් ප්‍රකාශ කර නැත.


No comments:

Powered by Blogger.