Header Ads

Breaking News
recent

තොණ්ඩමන්ගේ අවමංගල්‍ය කලේ නිරෝදායන රෙගුලාසි අනුවමයි.. නිරීක්‍ෂණයට සෞඛ්‍ය බලධාරීන්ද ආවා - ලංකා කම්කරු කොංග‍්‍රසය කියයි

දිවන්ගත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු වු ආකාරය දේශපාලන වාසියකට හරවා නොගන්නා ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප ලේකම් සහ මානව වැවිලි භාරයේ සභාපති භාරත් ආරුල්සාමි මහතා ඉල්ලා සිටියි.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (03) දින භාරත් අරුල්සාමි මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් හිටපු පා.ම එස්.එම්.මරික්කාර් මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් දිවන්ගත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු වලදි නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉන්දියානු ධජය ප්‍රදර්ශනය කරමින් අවසන් කටයුතු සිදු කල බවත්, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු වත්මන් රජය දේශපාලන වාසියක් බවට පත් කරගත් බව මරික්කාරි මහතා පැවසු බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ පක්ෂ ධජය සහ ඉන්දියානු ධජය පිලිබදව අවබෝධයක් නොමැති හිටපු පා.ම මරික්කාර් මහතාට අවබෝධයක් නොමැති විම කණගාටුවට කරුණක් බවත් , එවැනි අවබෝධයක් නොමැති අයෙකු  පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කිරිම කණගාටුවට  කරුණක් බවයි භාරත් අරුල්සාමි මහතා කියා සිටියේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි වලට අනුකුලව උපරිම අයුරින් සිදු කල බවත් , එ පිලිබදව අධික්ෂණය කිරිමට සෞඛ්‍යය අංශ නිලධාරින්ද විශාල පිරිසක් අවසන් කටයුතු සිදු වු නොර්වුඩ් ක්‍රිඩාංගණයට පැමිණ සිටි බවයි.

දේශපාලන වාසි ලබා ගැනිමට තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු පිලිබදව හෝ තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් එක්කර නොගන්නා ලෙස භාරත් අරුල්සාමි මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.