Header Ads

Breaking News
recent

ආණ්ඩුව මහා කොමිස් කුට්ටි ලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති අරඹනවා.. හෙදියන්ට අතිකාල දීමනා ගෙවන්නේ නෑ - අනුර දිසානායක

කොරෝනා මර්දනයට සක්‍රීයව මැදිහත්වන සෞඛ්‍ය සේවකයන්ට අතිකාල දීමනා පවා මෙම රජය නො ගෙවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ හෙද නිලධාරීන්ට අතිකාල දීමනාව ගෙවීමට පවා මේ ආණ්ඩුව කටයුතු කර නැති බවයි.

නමුත් විශාල ලෙස කොමිස් කුට්ටි ලබා ගත හැකි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඕනෑතරම් මුදල් වියදම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙතෙක් ලංකාවේ පැවති කැබිනට් මණ්ඩලයක් විසින් සති තුනක් ඇතුළත වියදම් කරන ලද වැඩිම මුදල මෙම ආණ්ඩුව විසින් වියදම් කර ඇති බවද ඔහු එහිදී පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.