Header Ads

Breaking News
recent

මැතිවරණයට විරුද්ද පෙත්සම් ප‍්‍රතික්‍ෂෙප වීම සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණයක් - මහ ලේකම්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගි ජනබලවේගය ලද ජයග්‍රහණයක් යැයි එම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. මැතිවරණයක් පැවැත්වීමට තත්ත්වය යහපත් යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළ පසු මැතිවරණයක් පැවැත්වීම සුදුසු යැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් රටේ ජනතාව ගැන නොසිතා මැතිවරණය මැයි 15 වැනිදා වුවද පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටි බවද ඔහු කීවේය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.