Header Ads

Breaking News
recent

හෙට ඉඳන් මේ රටේ රාජාණ්ඩුවක්ද තියෙන්නේ ? - නලින් බණ්ඩාර

පාර්ලිමේන්තුවක් නොමැතිව රට පවත්වාගෙන යාහැකි උපරිම කාලය වන මාස තුනක සීමාව අද (02) දිනයෙන් අවසන් වන බැවින් හෙට සිට මෙරටේ පවතින්නේ රාජාණ්ඩුවක්ද යන්න ගැටළුවක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක නලින් බණ්ඩාර මහතා පවසයි.
"ජුනි 02 වෙනිදා. මාස තුනක් ගතවෙනවා එදාට පාර්ලිමේන්තුවක් නැති රටක් බවට පත්වෙලා. හැබැයි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැතිව අපට ගන්න පුළුවන් උපරිම කාලය මාස තුනයි, ඒ අනුව ඒක අවසන් වෙනවා.

එතකොට හෙටින් පස්සේ රජෙක් ඇත, පාර්ලිමේන්තුවක් නැත. සමහරු කියනවා තිබුණෙ පරණ පාර්ලිමේන්තුවක් කියලා. පරණ පාර්ලිමේන්තුවක් නෙවෙයි අවුරුදු පහකට බලයට පත්වුණු පාර්ලිමේන්තුවක් තමා තිබුණෙ. ඒක ජනාධිපතිතුමාට තියෙන බලතල යටතේ අවුරුදු හතර හමාරෙන් විසිරෙව්වා.

එනිසා පාර්ලිමේන්තුවක් නැතුව රටක් තියෙනවා කියන්නේ ඒක රාජාණ්ඩුවක්. රජෙක් විසින් පාලනය කරන ආණ්ඩුවක්. අපට පේන්නෙ පාර්ලිමේන්තුවට වගකියන වගවන ජනාධිපතිවරයෙක් නෙවෙයි අපේ රටේ ඉන්නෙ. එහෙම වෙන්න බෑ !

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නත් ඕනෙ වග වෙන්නත් ඕනේ. ඒ වගකීමත් වගවීමත් දෙකම නැති පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාවත් දෙකම හෑල්ලුවට ලක්කරපු ඒකාධිපති පාලකයෙක් විදියට අපට පේනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.