Header Ads

Breaking News
recent

මැතිවරණ දිනය තීන්දු කිරීමට කොමිසම අද රැස්වෙයි



මහ මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද රැස්වනවා.

ඒ, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව එහිදී තීන්දු කළා.

මේ අතර මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව හැකි ඉක්මණින් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

No comments:

Powered by Blogger.