Header Ads

Breaking News
recent

ඇත් දළ යුගලක් සමඟ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට..!

නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි  කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා  මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) සවස මෙම වැටලීම කර තිබෙන  අතර කතරගම නගරය ආසන්නයේ ඇති අදාල කපුමහතාගේ නිවස පරික්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දල යුගල සොයා ගත් බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ .

එමෙන්ම අධාල ඇත් දල යුගල ළග තබා ගැනීම සදහා  සකස්කර තිබු ව්‍යාජ සහතිකපත් කීපයක්ද වනජිවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

බලපත්‍රයට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකුගේ සිල් එකත් ගහලා.
නාවික හමුදා බුද්ධි අංශ තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ඇතිව අත්අඩංගුවට ගත්තේ ඌව කලාප භාර උපුල් ඉන්ද්‍රජිත් මහතා ඇතුළු වනජීවී කණ්ඩායමක්.

No comments:

Powered by Blogger.