Header Ads

Breaking News
recent

හරීන් ප්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ්ට එරෙහිව වාරණ නියෝගයක්


ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයට අයත් බැංකු ගිණුම් වලින් ණය මුදල් ලබා ගැනීම හා චෙක්පත්
 අත්සන් කිරීම වළක්වාලමින් එම වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම වෘත්තීය සමිතියට සම්බන්ධ මැටිවල ගෙදර ගුණතිලක සහ සිවානුරාසා පාක්‍යනාදන් යන සාමාජිකයින් දෙදෙනෙකු ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් දින 14ක් දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝග නිකුත් කළා.

ඊට අමතරව එම වෘත්තිය සමිතියට සම්බන්ධ වාහන දෙකක් පුද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම වළක්වාලමින් එහි ප්‍රධාන ලේකම්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වෙත තවත් වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

පැමිණිලිකරුවන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් ගොනු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ අදාල වෘත්තීය සමිතියෙ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ ලේකම් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මේ වන විට සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි.

අදාල වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන වඩිවේල් සුරේෂ් මහතා එම වෘත්තීය සමිතියට අයත් බැංකු ස්ථාවර තැන්පතු මුදල් ඇපයට තබා එක්තරා මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 3 ක ණය මුදලක් ලබාගෙන ඇති බවයි.

 ඊට අමතරව ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් විසින් අදාළ වෘත්තීය සමිතියට අයත් වාහන දෙකක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් සිටින බවට ද පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙනවා.

මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් විත්තිකාර හරීන් ප්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන අය විසින් සාමුහිකව සිදුකරන මෙම  ක්‍රියාවලිය තුළින් අදාළ වෘත්තීය සමිතියට බරපතළ අගතියක් සිදු වන බවයි චෝදනා කර සිටින්නේ.

ඒ අනුව වෘත්තීය සමිතියේ සභාපති වරයා ලෙස හරීන් ප්‍රනාන්දු සහ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරන වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එම ධුර දැරීමට නීතිමය හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

 ඉදිරිපත් වු  පත්වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අදාළ වෘත්තීය සමිතියට අයත් කොල්ලුපිටිය කොමෂල් බැංකු ශාඛාවේ පවතින ගිණුමේන්  චෙක්පත් අත්සන් කිරීම සහ ණය පහසුකම් ලබා ගැනීම වලක්වාලමින් හරීන් ප්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරු වෙත එම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

No comments:

Powered by Blogger.