Header Ads

Breaking News
recent

දෙමල ජාතික සන්ධානය තහනම් කරන සූදානමක්

ර්තමාන ආණ්ඩුව අත්තනෝමතික හැසිරීම් රටාව අනුව ඉදිරි කාලයේ දී දෙමල ජාතික සන්ධානය තහනම් කිරීමට පවා ලක්විය හැකි බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා සඳහන් කරයි. මේ දිනවල උතුරු පළාතට හමුදා තර්ජන වැඩි වශයෙන් එල්ල වෙමින් ඇති බවද බවත් මැයි 18 සහ නොවැම්බර් 17 දිනවල එය වැඩි වශයෙන් පැහැදිලිව දක්නට ලැබුණු බවත් ඔහු පවසයි.

කොරෝනා මර්දනයට මුවාවෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් හමුදාව යොදවා තිබෙන බවත් එගින් සිදුවන ක්‍රියාකාරකම් යුද්ධයකදී සිදුවන ක්‍රියාකාරකම් වලට සමාන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල බවත් එනිසා එම ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.