Header Ads

Breaking News
recent

අධිකරණ තීන්දුව වැරදි පූර්වාදර්ශයක්.. ඉන් අපේ බලාපොරොත්තු කඩ වුනා.. අප හැදුවේ පාර්ලිමේන්තුව කැදවා කොරෝනා විසදා දෙන්නයි - කිරිඇල්ල

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කරනු ලැබූ පෙත්සම් ඉවත දැමීමෙන් අධිකරණය විසින් ලබාදී ඇත්තේ නරක පූර්වාදර්ශයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේග අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
තම පාර්ශවය බලාපොරොත්තු යුයේ පැවති පාර්ලිමේන්තුව යලි කැදවා කොරෝනා ප්‍රශ්නයට විසඳීම සඳහා සාමූහිකව කටයුතු කිරීමට බව ද ඔහු පැවසීය.

නමුත් දැන් ඒ දී සිදු නොවන බවත් යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වුවද මාස හයක් පාර්ලිමේන්තුවක් නො පැවති රටක් ලෙස ලංකාව ඉතිහාසගත වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

පවතින තත්වය යටතේ මැතිවරණය පැවැත් වුවහොත් ලැබෙන ඡන්ද ප්‍රමාණය කිසි කෙනෙකුට සාධාරණ නොවන බව ද ඔහු පැවසීය.

ඊයේ අධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.