Header Ads

Breaking News
recent

ජීවාන් තොණ්ඩමන්ට ඇමතිකමක් - CWC නායකත්වයත් ඔහුට

දිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ලංකා කම්කරු කොංග්‍රසයට ඇමැති ධුරයක් හිමි වුවහොත් ඒ සඳහා හිටපු ඇමැති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික වී. රාමේෂ්වරන් මහතා කියා සිටියේ තම පක්ෂයට ඇමති ධුරයක් ලැබුණහොත් එය අනිවාර්යෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාට ලබා දෙන ලෙස යෝජනා කරන බවයි.
පක්ෂයේ මීළඟ නායකයා කවුද යන්න තවත් සති දෙකකින් රැස්වී තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර වාර්තා වන්නේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයා ලෙස දජීවාන් තොණ්ඩමන් පත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ජීවාන් තොණ්ඩමන් දැනටමත් එම පක්‍ෂයේ නායකත්ව කමිටුව නියෝජනය කරමින් සිටී.


No comments:

Powered by Blogger.