Header Ads

Breaking News
recent

වසර 24ක් රනිල්ට චෝදනා කිරීම වරදක්.. බෙදුම්වාදීන්, අන්තවාදීන් සියල්ල සිටින්නේ සජිත් සමගයි..

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සුරතල් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි මෙතෙක් කල් බරපතල චෝදනාවක් එල්ල කිරීම වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් ලංකරගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යයි බරපතළ චෝදනාවක් වසර 25ක් තිස්සේ එල්ල කළ බවත් එය වරදක් බවත් දැන් පැහැදිලි වන බවත් ඒ මහතා පැවසී.

එක්සත් ජාතික පක්ෂය සමග සිටි රිෂාඩ් බදුර්ඩීන් වැනි මුස්ලිම් අන්තවාදීන් සුමන්දිරන් වැනි දෙමළ බෙදුම්වාදීන් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජනබලවේගයේ යයිද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන් සැබැවින්ම කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග නොව සජිත් ප්‍රේමදාස මහතා බව සමග බව පැහැදිලිව පෙනී යන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් සහ සජිත් දෙපසට වූ පසු මේ තත්ත්වය පැහැදිලිව පෙනී ගොස් තිබෙන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

No comments:

Powered by Blogger.