Header Ads

Breaking News
recent

එජාපයෙන් අප පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් මත.. සජිත්ගේ වර්ධනය දැක බයවෙලා - කිරිඇල්ල

ක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගේ කි‍්‍රයාකාරින්ට විරුද්ධව කි‍්‍රයාමාර්ග ගත්තේ ආණ්ඩුවේ උපදෙස් අනුව බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මැතිවරණ කටයුතු දිනෙන් දින වර්ධනය වන නිසා එම කි‍්‍රයාදාමය පඑදු කිරිමේ අරමුණින් ආණ්ඩුවේ උපදෙස් අනුව එජාපය විසින් ඉහත කි‍්‍රයාමාර්ග ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය මෙම කි‍්‍රයාකාරින්ව ආරක්ෂා කිරිමට අදාළ නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

– රජිත සමරසූරිය


No comments:

Powered by Blogger.