Header Ads

Breaking News
recent

එජාපයෙන් එළියට දැමීමට එරෙහිව රන්ජන් උසාවි යයි

මන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රන්ජන් රාමනායක මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සිය සාමාජිකත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය වැලැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු නම් කර තිබේ.

පෙත්සම ගොණු කරමින් රන්ජන් රාමනායක මහතා පවසා තිබෙන්නේ සමඟි ජන බලවේගය පිහිටුවා ඇත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයකට අනුව බවයි.

එහෙත් එජාප මහ ලේකම් ඇතුළු පිරිස පසුගිය දිනවල අවධාරණය කර තිබුණේ සමඟි ජන බලවේගය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කරන ලද සන්ධානය නොවන අතර එය වෙනම ලියාපදිංචි කර තිබෙන දේශපාලන පක්ෂයක් බවයි.

සමඟි ජන බලවේගය සන්ධානයක් නොව දේශපාලන පක්ෂයක් බවට අධිකරණය විසින්ද මේ වන විට තීන්දුවක් ලබා දී ඇත.


No comments:

Powered by Blogger.