අගමැති ඉස්සූ ධනසිරිට ජනපතිත් එකතු වෙයි (වීඩියෝ)
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ පළමු මනාපය අංක 2ක ධනසිරි අමරතුංග මහතා ඉදිරියේ සටහන් කරන්නැයි ඔහුගේ නිවසට ගොස් එහි සිටි ජනතාවට පැවසීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊයේ (28) ඔහුට සහයදීමට දෙහිවල ඔහුගේ ප්රධාන රැස්වීමකට එක්ව සිටියේය.
එහි වීඩියෝව පහත දැක්වේ.
කොළඹ දිස්ත්රික්කයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන් අතරින් පාර්ලිමේන්තුවට පත්වනු ඇතැයි එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සැකසූ ලයිස්තුවේ ධනසිරි 9 වැනි ස්ථානයෙන් 7 වැනි ස්ථානයට ඔසවා තැබීමට අග්රාමාත්යවරයා මුලින්ම ඔහුගේ නිවසට ගොස් එහි රැස්ව සිටි අයට මෙසේ කියා සිටි බව මේවන විට ප්රසිද්ධ රහසක් වී තිබේ.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ලයිස්තුවේ ධනසිරිට හිමිවූයේ 7වැනි ස්ථානයයි.
එම මැතිවරණයෙදී එම පක්ෂයෙන් 7දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් විය.
එම පක්ෂයට තවත් ඡන්ද 1300 ක් ලැබුණේ නම් ධනසිරිට පාර්ලිමේන්තුයාමට වරම් හිමිවීමට නියමිතව තිබිණි.

No comments: