Header Ads

Breaking News
recent

මහින්දානන්ද කිවුවේ බොරු.. එජාප පාක්‍ෂිකයන් දහසක් පොහොට්ටුවට එක් වී නෑ !

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විමට නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ දහසක් දෙනා (30) දින එක් වු බවට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ප්‍රකාශය අසත්‍යය බව නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සහ ජාතික සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව මහතා පැවසිය.

සසංක සම්පත් මහතා එ බැව් කියා සිටියේ සසංක සම්පත් මහතාගේ නාවලපිටිය නගරයේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යයාලයේදි විශේෂ මාධ්‍යය හමුවක් කැදවමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණයේදි ආනන්ද අලුත්ගමගේ මහතාට සහයෝගය දැක් වු ගග ඉහල කෝරලයේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු පමණක් (30) දින මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් වු බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන පරිදි නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ හෝ ජාතික සමගි ජනබලවේගයට සහයෝගය දක්වන ආධාකරුවන්  දහසක් දෙනෙක් එක් නොවු බවද සසංක සම්පත් සංජිව මහතා පැවසිය.

එක් වු ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් ඉකුත් මැතිවරණ සමයේද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිරිසක් බවයි සසංක සම්පත් සංජිව මහතා මාධ්‍යය හමුවේදි කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.