Header Ads

Breaking News
recent

ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?

සජිත් ප්‍රේමදාස මහත අගෝස්තු 05 මැතිවරණයට පෙර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතාව කොටු කිරීම සඳහා දීර්ඝකාලීන සැලසුමක් ඇතිව කටයුතු කළ බව පෙනෙන්නට ඇතැයිච ඔහු සඳහන් කළේය.

වික‍්‍රමසිංහ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලධාරියෙකු විවද ඔහු එහි වියදම් සඳහා කිසිදු අවස්ථාවක අත්සන් කරන්න නැත්තේ ඒ නිසා යැයිද ඔහු පැවසීය.

කැෆේ සංවිධානයේද හිටපු ප‍්‍රධානියෙක් වන ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ආරක්‍ෂක අංශ බාර ප‍්‍රධානියෙකු කියා සිටියේ තමන් දන්නා තරමින් ඉදිරි දින දෙකක කාලය තුලදී කිසිදු දේශපාලඥයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැති බවයි.

-lankacnews

No comments:

Powered by Blogger.