Header Ads

Breaking News
recent

විපක්‍ෂ පිරිසක් පොහොට්ටු ප‍්‍රබලයන් හා සාකච්චා.. ආණ්ඩුවේ පිරිසක් 20ට සහාය නොදුන්නොත් විපක්‍ෂ පිරිසක් එක්වෙයි

පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වුවොත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ මෙම සාකච්ඡා සිදුවීමෙන් ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වූ කිසිවකුගේ සහාය ලබා නොගන්නා ලෙස ඉහල නායකයන් ගේ උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ.

ආන්ඩුවේ කණ්ඩායමක් මෙම සංශෝධනයට සහාය නොදීමට තීරණය කළහොත් එම අඩුපාඩුව සපුරා ගැනීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් එක් කරගැනීමට මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද සදහන්ය. 


No comments:

Powered by Blogger.