Header Ads

Breaking News
recent

පොම්පෙයෝ ආවෙ මැදමුලනෙ පොල් වත්ත බදු ගන්න නෙවෙයි

මරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සුහදතාවය සඳහා පැමිණෙන ගමනක් හෝ නෑදෑ ගමනක් හෝ ලෙස සැලකිය නොහැකි බවයි අනුර දිසානායක මහතා පවසන්නේ. එසේම මෙය මැදමුලන වලව්වේ පොල් වත්ත බදුදීම පිළිබඳ ප්‍රශ්නක් හෝ නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරයේ අරමුණ වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ ඇමරිකානු යුද ආධිපත්‍යය තහවුරු කර ගැනීම බවත් පොම්පෙයෝ මහතා ඉන්දියාවට, මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට යන්නේද ඒ අරමුණ වෙනුවෙන් බවත් අනුර දිසානායක මහතා පවසනවා.

ඉතිහාසය පුරා සිටි පාලකයන් ලබාගත් ණය කන්ද හමුවේ මේ වනවිට ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දුව බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද ජවිපෙ නායකයා සඳහන් කරනවා. විශේෂයෙන් ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන රටවල පාපහර කෑමට සහ ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවද ඔහු පවසනවා.


No comments:

Powered by Blogger.