Header Ads

Breaking News
recent

ප්‍රබල පාතාල නායකයෝ රටින් පනින්න හදති

වර්තමාන පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ඝාතනය වීමත් සමගම මෙරට සැඟවී සිටින පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් රැසක් හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

කොළඹ පාතාලයේ ප‍්‍රබලයකු බව කියන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ බිරිඳ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඇයගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ මෙම පාතාල නායකයාද බෝට්ටුවක් උපයෝගි කරගෙන මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යෑමට සැලසුම් කරගෙන සිටින බවයි.

මේ ආකාරයට කොළඹ පාතාලයේ මෙන්ම දකුණේ පාතාලයේ ද අපරාධකාරයන් රැසක් පාතාල මර්දන මෙහෙයුම්වලට බියෙන් මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වෙයි.

රටින් පලා යෑමට සැලසුම් කරමින් සිටින මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව මෙම පාතාල මෙහෙයුම් භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

No comments:

Powered by Blogger.