Header Ads

Breaking News
recent

කොරෝනා සුව වීමෙන් අනතුරුවත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි කළ හැකි බව සොයා ගැනේ !

පාන සහ රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අනුව කොරෝනා වෛරසය රතු ඇටමිදුලු, අක්මාව, වකුගඩු හා වත් අභ්‍යන්තර අවයව වලට හානි සිදුකරන බවට සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය රෝගය සුවය ලැබීමෙන් පසුව වුවද සිදුවිය හැකි බව කියවේ. එපමනක් නොව නිව්මෝනියාව හෝ කොරෝනා රෝගයට අදාළ පැහැදිලි රෝග ලක්ෂණ නොතිබූ පුද්ගලයන් තුළ පවා මෙලෙස අභ්‍යන්තර අවයව හානි වීම සිදුවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

එසේ සිදුවන්නේ රෝග කාරක වෛරසය රතු ඇට මිදුලු වලට පහර දීම නිසාවෙනි. අසාධ්‍ය කොරෝනා රෝගීන්ගේ රුධිර කැටි ගැසීම හා අවයව පටක මිය යෑම මෙමඟින් පැහැදිලි කරගත හැකිය.

රුසියානු පෙරදිග ෆෙඩරල් විශ්වවිද්‍යාලය, පැසිපික් ප්‍රාන්ත වෛද්‍ය විද්‍යාලය හා ජපාන විද්‍යාඥයන් එකතු වී, කොරෝනා රෝගයෙන් මිය ගිය පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අධ්‍යනය කිරීමෙන් පසු මෙය තහවුරු කරගෙන තිබේ.

වෛරසයේ ප්‍රධාන ඉලක්කය වන්නේ රතු ඇටමිදුලුයි. රතු ඇටමිදුලු මගින් රතු රුධිරාණු මුදාහැරීම යාමනය කරයි. වෛරසය පහරදීම නිසා ඇට මිදුළු වල හා විවිධ අවයව පටකවල විශාල සෛල එනම් මෙගාකැරියොසයිට දක්නට ලැබේ. මෙම මෙගාකැරියොසයිට රුධිර කැට ගැසීමට දායක වේ. නමුත් කොරෝනා වෛරසය මගින් මෙම සෛල අනවශ්‍ය ලෙස රුධිරයට එක් කිරීම සිදු කරයි. තවදුරටත් රතු රුධිර සෛල නිපදවීම අවම වීම හා මියගිය රතු රුධිරාණු නිසා මොළය ඇතුළු අභ්‍යන්තර අවයව වලට ඔක්සිජන් සැපයීම සීමා වී ඒවාට හානි සිදුවිය හැකිය. අවසානයේ අවයව පද්ධති අකර්මණ්‍ය වේ. රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට පටන් ගනී. ශ්වසන පද්ධතියේ සංකූලතා හා රතු රැධිරානු අවම වීම රෝගීන් තව තවත් අයහපත් තත්ත්වයන්ට ඇද දමයි.

කොරෝනා රෝගයේ වඩාත් පැහැදිලිව ප්‍රකාශ වන්නේ පෙනහලු ෆයිබ්රෝසිස් (fibrosis) වේ. විද්‍යාඥයන් සොයා ගත් සිද්ධාන්ත වලට අනුව, එය ඇති වීමට බලපාන එකම හේතුව පෙනහලු පටක හානි වීම පමණක් නොවේ. මෙගාකැරියොසයිට වැඩි ප්‍රමාණයක් රුධිරයට එක් වීමද මෙම තත්ත්වයට හේතුවකි. ඒ අනුව අක්මාව, ප්ලීහාව, වකුගඩු, අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියන් තුළ ද මෙවැනිම ක්‍රියාවලියක් ඇති විය හැකිය. මෙම තත්ත්වය සායනික සංකූලතා මගින් හඳුනාගත හැකි වන්නේ, අදාල ඉන්ද්‍රියයන්ට සැලකිය යුතු හානියක් සිදුවීමෙන් අනතුරුව ය. එය භයානක තත්ත්වයක් බවට විද්‍යාඥයන් පැහැදිලි කර දෙයි.

පර්යේෂණයේ මීළඟ අදියර ලෙස වෛරසය සෛලීය මට්ටමින් ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කිරීමට නියමිතය. මෙමගින් අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ. රුසියානු-ජපන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පර්යේෂණයේ ඉදිරි කටයුතු සිදුවනු ඇත.

No comments:

Powered by Blogger.