Header Ads

Breaking News
recent

Speaker signs 20th Amendment to the Constitution

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අදින් අහෝසි වනවා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයා ද එක්ව සිටියා. ඒ අනුව කතානායකවරයා එම පනතට අත්සන් කළ මොහොතේ සිට 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත බලාත්මකයි. 

මේ අතර, මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් පාර්ලිමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, අද පෙරවරු 11.30 ට ආරම්භ වූ පක්‍ෂ නායක රැස්වීම සදහායි. පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා සෞඛ්‍ය ආරක්‍ෂිත විශේෂ ඇඳුමකින් පාර්ලිමේන්තුවට පැමිණි තිබුණා. ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබද සාකච්ජා කිරීමට පක්‍ෂ නායකයන් අද රැස්වී තිබෙනවා.


No comments:

Powered by Blogger.