Header Ads

Breaking News
recent

ගම්පහ පොලිස් වසම් 06ක් නැවත දන්වන තුරු ලොක්ඩවුන්..

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් හයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ පොලිස් වසම් හැර දිස්ත‍්‍රික්කයේ සෙසු සියළු හුදෙකලා ප‍්‍රදේශ අද අලුයම 05.00 සිට හුදෙකලා තත්වයෙන් මුදා හැරේ.

හුදෙකලා තත්වයට ඉවත් නොකරන ලද පොලිස් වසම් තුල එම තත්වය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා සඳහා වූ ජාතික ක්‍රියා මත මධ්‍යස්ථානය කියා සිටී.

ඊට අමතරව කැලණිය පොලිස් වසමද සදුදා උදෑසන 5.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබ ඇත.

මීට පෙර නම් කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයද හැර සෙසු සියලු ස්ථාන හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ලැබේ.

No comments:

Powered by Blogger.