වයස අවුරුදු 55ට වැඩි නම් ලංකාවේ ජනාධිපති වෙන්න බෑ – අලුත් ව්‍යවස්ථාවට ආණ්ඩුවෙන් අලුත්ම වගන්තියක් දාන්න සාකච්ඡා !
ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා මෙතෙක් උපරිම වයස් සීමාවක් පනවා නැත.
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ අවම වයස් සීමාව වයස 30කි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම වයස් සීමාවේ වෙනසක් සිදු නොවනු ඇති.
එහෙත් දැනට රටේ පොදු විශ්‍රාම වයස් සීමාව ඉක්ම වූ අයකුට ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සුදුසු බව ආණ්ඩුවේ අදහස වී ඇතැයි දැනගන්නට තිබෙනවා.
No comments: