Header Ads

Breaking News
recent

කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

නව රාජ්‍ය අමාත්‍යවරිය (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිතුමා පිළිගෙන තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව එතුමා තීරණය කළේය.

නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිසය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය.

– ජනාධිපති මාධ්‍ය අංශය

8,655 views


No comments:

Powered by Blogger.