Header Ads

Breaking News
recent

මහර තවමත් STF බලය අල්ලා අවසන් නෑ..රෝහලට යැවූ තුවාලකරුවන් 26කට කොරෝනා – මහර දැන් තත්ත්වය මෙන්න

හර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය ක‍්‍රමයෙන් පාලනය කරමින් ඇති බව පොලිසිය පවසනවා.

ප‍්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු පැවසුවේ බන්ධනාගාරය තුළ තත්ත්වය සියයට 95කටත් වඩා වැඩියෙන් පාලනය කර ඇති බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව මේ වන විට මෙහෙයුමක්ද කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.

නවතම තොරතුරුවලට අනුව මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය රැදවියන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 50කට අධිකයි. රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර මේ වන විට ලබා දෙමින් සිටින බවයි.

එම රැඳවියන්ගෙන් 26කට කොවිඩ් වෛරසය ශරීර ගතව ඇති බව තහවුරුව තිබෙනවා.

බන්ධානාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමත් සමග රැදවියන් විසින් සිය භාරයට ගත් නිලධාරීන් දෙදෙනාද මේ වන විට ආරක්ෂක අංශ විසින් මුදා ගනු ලැබ තිබෙනවා. එළෙස රැදවියන්ගේ භාරයට පත් එක් නිලධාරීයෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය පැවසුවේ. නිලධාරීන් දෙදෙනාද මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දොරටු බිද පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය පලමුව ඇති වූ අතර තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවා.

ඊයේ පස්වරු 05ට පමණ ආරම්භ වී ඇති මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය අද උදැසන තෙක්ම, පැය 14ක් පූරා පැවතුණා. ඊයේ රාතී‍්‍රයේ බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකම ගිනි ගැනීම් සිදු වූ අතර මේ වන විට එම සියලූ ගිනි ගැනීම් පාලනය කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ රැදවියන් එහි මුළුතැන්ගෙට, සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබුණා.

ගින්න සීඝ‍්‍රයෙන් පැතිර යාමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටයි පියවර ගැණුනේ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම නාවික හමුදාව, අතිරේක පොලිස් බට කණ්ඩායම්ද කැදවා තිබෙනවා. ගිනි නිවන හමුදාව සහ කැරලි මර්ධන ඒකකයද කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඊයේ රාති‍්‍රය පුරා බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසුනු බව මහර බන්ධනාගාරය අවට ප‍්‍රදේශවාසීන් පැවසුවා. මෙම සිද්ධිය ඇති වීමට පෙර මහර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයින් 183 දෙනෙකුද හදුනාගෙන ඇතැයි තහවුරු වුණා. රැදවියන්ගේ නොසන්සුන් තාවට එය ද හේතුවක් වන්නට ඇති බවටයි පැවසෙන්නේ.

මහර රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළමුව යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, පසුව තවත් රැුඳවියන් පිරිසක් එක්ව බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දරා තිබෙනවා. බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වය ඇති වීමත් සමග පිටත ආරක්ෂාව දැඩි කිරීමටද කඩිනමින් පියවර ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.


No comments:

Powered by Blogger.