Header Ads

Breaking News
recent

ඉහළ නිලධාරියකුගෙන් බලපෑම් - BOI සභාපති ඉල්ලා අස්වෙයි

යෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය කාලය පුරාම ඉහළ නිලධාරියකුගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ඒ මහතා මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු පත්වීම් කිහිපය අතර සුසන්ත රත්නායක මහතාගේ පත්වීමද විය.

සුසන්ත රත්නායක මහතා යනු ජෝන් කීල්ස් ආයතනය ඇතුලු තවත් පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් රැසක සභාපති ඇතුලු ඉහළ තනතුරු දැරූවෙකි.

වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත. ඔහු 1992/93 සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හා සමාගම් ගණනාවක් ඔහුගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේ දී සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනු ලැබීය.

-asian mirror

No comments:

Powered by Blogger.