Header Ads

Breaking News
recent

මම සෞඛ්‍ය ඇමැති වෙලා හිටියා නම් පළමුවෙන්ම කරන්නෙ කරන්නේ ගුවන්තොටුපළ වසා දැමීමයි - ජනාධිපතිවරයා කිව්වා වගේ චක්‍රලේඛ කටින් නිකුත් කරලා හරි මේව කරන්න පුලුවම්


කොරෝනාවෛරසය ලොව පුරා පැතිරයෑමට පටන් ගනිද්දී ගුවන්තොටුපොළ වසා දැමීමට ක්‍රියාකළේ නම් දූපතක් වන අපේ රටට කොරෝනාවෛරසය ඇතුළුවීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (10දා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ ය.

තමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ නම් කැබිනට් මණ්ඩලයේදී මොන දේ කර හෝ ගුවන්තොටුපොළ වසා දමා මෙම කොරෝනාවෛරසය රටට ඒම නවතාලීමට ක්‍රියා කරන බවද ඒ මහතා එහිදී කියා සිටියේය.

මෙම පුවත්පත් සාකච්ඡාවේදී රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මෙසේද කීය.

"ඇන්ටිජන් ටෙස්ට් කිට් 50,000ක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබාදී තියෙනවා. නෙදර්ලන්ත රජය ඒ වගේ ඇන්ටිජන් ටෙස්ට් කිට් එක් ලක්‍ෂ පනස්දහසක් මෙරටට ලබාදී තිබෙනවා. නමුත් ඒවා නිකුත් කරන්න නොහැකිව තිබෙන බව මේ අය කියනවා.

රැපිඩ් ටෙස්ට් එක මෙරටට ගෙන ඒමට ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා ටෙන්ඩර් කැඳෙව්වා. ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වීමේ ටෙන්ඩරය 28 කැඳවලා ටෙන්ඩරය 2 වන දා අවසන් කරලා 5 වන දා වෙනකොට ඒ ටික මෙරටට ගෙන එන්න තරම් ඉක්මනින් මේ අය කටයුතු කරලා. මේ ඇන්ටිජන් කිට් ටෙන්ඩරය ක්‍රියාත්මක කළ වේගයට මේ අය කොරෝනා මර්දනයට කටයුතු කළේ නම් කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගන්න තිබ්බා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලබාදුන් ඇන්ටිජන් ටෙස්ට් කිට් 50,000 සහ නෙදර්ලන්ත රජයෙන් ලබාදුන් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක් ලක්‍ෂ පනස් දහසක් එච්.එස්. බෝඩ් එකේ අනුමැතිය නෑ කියලා මුදාහරින්නේ නැතිව ඉන්නවා.

ජනාධිපතිවරයා කිව්වා වගේ චක්‍රලේඛ කටින් නිකුත් කරලා හරි මේ ටික මුදාහරින්න පුළුවන්නේ. නොමිලේ ලබාදෙන ඒවා එපා සල්ලිවලට ගත්ත ම තමයි මේ අයට ඒවා වටින්නේ. කොරෝනා දෙවැනි රැල්ල එන විට මේ අය ඊට මූණ දෙන්න නිසි පරිදි ක්‍රියා කළාද? 2017 ඩෙංගු වසංගතය ආ වෙලාවේ අපි එය මර්දනය කරන්න ක්‍රියා කළා.

ඉකුත් පෙබරවාරි මාසෙ කොරෝනාවෛරසය හමුවේ ගුවන්තොටුපොළ වහන්න කියලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකාශයක් කළා. මම සෞඛ්‍ය ඇමැති ලෙස හිටියා නම් මොන දේ කරලා හරි ගුවන්තොටුපොළවල් වහලා මේ රටට කොරෝනාවෛරසය එන එක වළක්වනවා.

ගුවන්තොටුපොළින් මෙරටට එන සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කරනවා. තායිවානය, හොංකොං වැනි රටවල් කළේ ඒකයි. සමකයට ආසන්න රටවල උෂ්ණත්වය නිසා කොරෝනාවෛරසය පැතිරයෑම අඩුයි කියලා හොයාගෙන තියෙනවා. යුරෝපය වැනි ශීත රටවල්වලට වඩා සමකය ආසන්න රටවල කොරෝනා පැතිරීම අඩුයි. විශේෂයෙන් දූපතක් වන අපේ රටට මේ වෛරසය පැතිරයෑම පාලනය කර ගැනීම පහසුයි.

වියට්නාමය වැනි රටවල් කළේ ඒකයි. නමුත් අපේ අය කොවිඩ් සෙන්ටර් එකක් හදලා මිලිටරි පාලනයක් යටතේ කොරෝනා මර්දනය කරන්න කටයුතු කළා. ලොක්ඩවුන් කරනවා කියලා මේ අය ඇඳිරි නීතිය දාලා මේක පාලනය කරන්න උත්සාහ කළා. 

මේක ත්‍රස්තවාදයක් ලෙස සලකලා වියට්නාමය වගේ අධිරාජ්‍යවාදය පරාජයට පත්කළ රටවල් යම් යම් පියවර ගත්තා. යුරෝපයේ සෞඛ්‍ය අංශ තමයි මේ වෛරසය පාලනය කරන්න කටයුතු කළේ. නමුත් අපි කළේ මොකක්ද ඇඳිරි නීතිය දාලා මේක පාලනය කරන්න කටයුතු කළා. මිලිටරි පාලනය හරහා තමයි හැමදේම කරන්න හදන්නේ. ඒක තමයි අපිට වැරදුණු දේ."

No comments:

Powered by Blogger.