Header Ads

Breaking News
recent

බ්‍රැන්ඩික්ස් පොකුර හැදුනු හැටි සොයන රහස් පොලිස් කණ්ඩායම පරීක්ෂණ පමා කරන බවට නීතිපතිගෙන් චෝදනා !

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයාට අනුව නීතිපතිවරයාගේ නියෝගය මත බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වූ ආකාරය සොයා බැලීම සඳහා පත්කළ පොලිස් කණ්ඩායම එම පරීක්ෂණ පමා කරන බවට චෝදනා එල්ල වී ඇත.

පොලීසිය විසින් එසේ පරීක්ෂණ පමා කිරීමට හේතුව මේ වන තුරු නීතිපතිවරයාට දැනුම් දී නැති බවත් ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නිසි වගකීම් පැවරීමක් සිදුකොට නොමැති එම ප්‍රකාශකයා සඳහන් කරයි.

කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයට නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවෙන් පිරිස් ගෙන්වීම නිසා බවට ප්‍රභල මහජන මතයක් ගොඩ නැගී ඇත.

ඒ අතර දැනට පැතිරෙන වෛරසය යුරෝපා සම්භවයක් සහිත එකක් බවට ද යම් පර්යේෂකයින් විසින් මත පළකොට ඇත. එසේ වුවත් එම වෛරසය බ්‍රැන්ඩික්ස් ආයතනයට ඇතුල් වී ඇති ආකාරය පිළිබඳව එම පර්යේෂකයින් විසින් අදහස් දක්වා නැත.


No comments:

Powered by Blogger.