Header Ads

Breaking News
recent

නිවසේදී මිය ගිය කාන්තාවකට කොරෝනා !

ම නිවසේ දී මිය ගිය 63 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත.

නිවසේදී මිය යාමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී සිදු කරන ලද පරීක්ෂාවකින් මේ බව හෙලි වූයේ යයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම කාන්තාව ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය පෙරේදා දිනයේ තම නිවසේදී මියයෑමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දී මෙම මරණ පරීක්ෂණය සිදු කරන ලදී.

එම කාන්තාව හෘද රෝගී තත්ත්වයකින් ද පෙලී ඇතැයි හෙළි වී තිබේ.

මෙය කොරෝනා මරණයක් සේ සලකමින් අවසන් කටයුතු සිදු කර ඇත.


No comments:

Powered by Blogger.