Header Ads

Breaking News
recent

ජනතාවගේ දෙපතුළ ලඟට යනවා කිව්වම හිනා උන අයට දැන් සතුටුයිද ? - සජිත් (Video)

 
කොවිඩ් වෛරසයේ පළමු ව්‍යාප්තිය අවස්ථාවේදී තමන් පෙන්වා දුන් කරුණු හේතුවෙන් එදා තමන්ට විවිධ අවලාද, අපහාස, උපහාස විඳීමට සිදු වූ බවත් එදා තමන් කී සියල්ල මේ වනවිට දිනෙන් දින සත්‍ය වෙමින් තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොවිඩ් දෙවැනි රැල්ල හමුවේ ආණ්ඩුව සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (07) අනුරාධපුර විහාර හල්මිල්ලකුලම ශ්‍රී සුගත මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොරෝනා උවදුර පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස පවසන විට ආණ්ඩුව තමන්ට සිනාසුනු බවත්, මුව ආවරණ නොමිලේ දෙන්නැයි  කියූ විට තමන්ට ආණ්ඩුව හිනාවුන බවත්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහ බෙහෙත් ගබඩා කරන ලෙස ඉල්ලීම් කරද්දීත් තමන්ට සිනාසුනු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ඒ සියල්ලෙහි ප්‍රතිඵල දැන් රටම භුක්ති විඳින බවයි.

තමන් ජනතාවගේ දෙපතුළ ලඟට යනබව පැවසූ විට, විසිහතර පැයේම ජනතාවට සේවය කරන බව පැවසූ විට ඊට අපහාස උපසාහ එල්ල කළ, සිනාසුනු පුද්ගලයන්ට අද සතුටුදැයි ඇසීමට සිදුවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

No comments:

Powered by Blogger.