තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 04ක් අද දිනයේ සිදුව ඇත. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.
මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ හෘදයාබාදක් සමගින් කොරෝනා ආසාදනයයි.
මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඇය දීර්ඝ කාලයක් රෝගාබාධ රාශියකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.
වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් උණ රෝගයෙන් පෙලීම නිසා තම නිවසේදී මිය ගොස් ඇත. ඔහු දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.
ගනේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී රෝගී වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.
No comments: