Header Ads

Breaking News
recent

පොල් ගෙඩියක් 130 යි.. හාල් කිලෝවක් 140යි.. අලුත් අවුරුද්දට වතුකරයේ කිරිබත් චාරිත්‍රය නෑ !

ටෙි උද්ධමනය අසිමිත ලෙස ඉහළ ගොස් ඇති බවත් හාල් කිලෝවක මිල රැපියල් 130-140 ත් දක්වාත් පොල් ගෙඩියක මිල රැපියල් 120-130 දක්වාත් මිල ඉහළ ගොස් ඇති බවත් මෙිි හේතුවෙන් 2021 නව වසරේ ජනවාරි පළමුවැදා එනම් හෙට (01) දිනයේ වතුකරයේ කිරිබත් උයලා අලුත් වුරුදු සැමරිමෙි සංස්කෘතික කටයුත්ත අතහැර දැමිමට වතු කමිකරැ ජනතවාට සිදුව ඇති බව සමස්ථ ලංකා වතු කමිකරැ සංගමයේ ලේකම් කේ.එමි.ඒ.ප්‍රේමරත්න මහතා පවසයි.

හාල් ,පොල් සහ අනිකුත් අතවශ්‍ය භාණ්ඩ වල මිල අසිමිත ලෙස ඉහළ යැමත් සමග කිරිබතක් උයනවා තියා මිනිහෙකුට හිතාගන්න බැරි ⁣විදිහට බරපතළ ආර්ථික අර්බුදයකට වතු කමිකරැ ජනතාව පමණක් නොවෙයි සමස්ථ ජනතාවම පත්වෙලා සිටින බව ඒ මහතා කිිය. දසක ගණනාවක සිටම වතු කමිකරැවන්ගේ සමාජය ඇතුලේ නිවෙස්ව කිරිබත් උයල අවුරුදු උදාව සැමරැ බවත් නැතහොත් කිහිප දෙනෙකු එකතු වෙලා සහල් පොල් එකතු කරල කිරිබත් හදලා අලුත් අවුරුදු උදාව වන සංකෘතික චාරිත්‍රය සැමරැම සිදු කල බවත් නමුත් වතු කමිකරැවන්ට එම චාරිත්‍රය අහිමි වි ඇති බවද ප්‍රේමරත්න මහතා පෙන්වා දෙති.

පොල් ගෙඩියක මිලත් සමග බැලු විට එක පොල් ගෙඩියක් සතියක් කන්න වෙන තැනට මෙිි දිනවල සිදු වි තිබෙන බවත් 130 ක් දිලා පොල් ගෙඩියක් මිලදී ගෙන කිරිබත් කාල එක දවසක් සතුටු වෙන්න ජනතාවට නොහැකි වෙලා තිබෙන බවද ඒ මහතා කිය.

රටෙි පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විශාල ව⁣ශයෙන් ජනතාව ඒකරාශි වෙලා මෙම චාරිත්‍රය සිදු කිරිමට නොහැකි උනත් සෞඛ්‍ය උපදෙස් මත නිවෙස්වල අය පමණක් හෝ නැතහොත් කුඩා පිරිසක් එකතු වි සමාජ දුරස්ථ භාවය ආරක්ෂා වන අයුරු එය සිදු කිරිමට හැකියාව තිබුණා.නමුත් හාල් පොල් සහ අනික් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අහස උසට ඉහළ යැමත් සමග අලුත් අවුරුදු චාරිත්‍රය වතුකරයේ සමරන්න කිසිම කෙනෙක් සුදානම් නොමැති බව සමස්ථ ලංකා වතු කමිකරැ සංගමයේ ලේකම් ප්‍රේමරත්න මහතා වැඩිදුර පැවැසීය.

– බලන්ගොඩ විශේෂ සමිපත් ප්‍රියනන්දන


No comments:

Powered by Blogger.