එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග මංගල යළි සක්‍රිය දේශපාලනයට !
කලක් සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ඉල්ලීම අනුව එජාපය සමග යළි සක්‍රිය දේශපාලනයට අවතීර්ණ වීමට කටයුතු කර තිබේ. එහි පළමු පියවර වශයෙන් "නැවුම් අපේක්ෂාවේ අලුත් ඇරඹුම" මැයෙන් ජන හමුවක් ඊයේ (20) මාතරදී ඒ මහතා විසින් පවත්වන ලදී.
එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරය සඳහා රුවන් විජේවර්ධන මහතා පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර තිබුණ ද ඔහු අත්දැකීම් සපිරි නායකයකු නොවන බව සියල්ලන්ම දන්නා කරුණකි. ඒ අතින් මංගල සමරවීර යනු හොඳින් තෙම්පරාදු වූ දේශපාලනඥයෙකි. එසේම මංගලට ඇති ක්‍රියාකාරී ජාලය, මාධ්‍ය සබඳතා, ජාත්‍යන්තර සබඳතා රවී කරුණානායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර වැනි එජාප ඉදිරිපෙළ නායකයින් කිසිවෙකුට ඇත්තේ ද නැත. එමෙන්ම සුළු ජාතීන් අතර මංගලට ඇති ප්‍රසාදය ද ඉහත කී නායකයින් කිසිවෙකුට නැත.
ඒ අනුව මංගල යළි එජාපයෙන් සක්‍රිය දේශපාලනයට කැඳවා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා විසින්ගත් කාලෝචිත පියවරක් වශයෙන් සැලකිය හැකිය.
අනෙක් අතට මංගල සමරවීර මහතාට සමගි ජන බලවේගයෙන් මහමැතිවරණය සඳහා නාමයෝජනා ලැබුණ ද ඔහු ඊට තරග කළේ නැත. ඔහු සමගි ජන බලවේගයේ සාමාජිකත්වය හෝ වෙනත් කිසිදු තනතුරක් බාරගත් අයෙකු ද නොවේ. එහෙයින් මංගල එජාපය හැරගිය අයෙකු වශයෙන් ද සැලකිය නොහැකි අතර ඔහු හුදෙක් සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වූවා පමණි.
මීට අමතරව එජාපය දැඩි පසුබෑමකට ලක්ව ඇති මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරක්ෂිතභාවය තහවුරු වන්නේ ද මංගල යටතේ පමණකි. එහෙයින් ඉදිරියේදී බොහෝවිට මංගල සමරවීර මහතාට එජාප නායකත්වය හිමිවීමට ද ඉඩ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව ජ්‍යේෂ්ඨ නායක ධුරයට පත්ව මංගල සමරවීර මහතාට අවස්ථාව ලබාදෙන්නේ නම් එජාපයට අයත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද මංගල සමරවීර මහතාටම හිමිවීමේ වැඩි ඉඩක් පවතී.
එමෙන්ම මංගල සමරවීර මහතා එජාප නායකත්වයට පත් වන්නේ නම් එජාප නියෝජ්‍ය නායක ධුරය රවී කරුණානායක මහතාට හිමිවනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
No comments: