Header Ads

Breaking News
recent

කොවිඩ් එන්නත් ගෙන්වීමේ සියලු බලතල ලලිත් වීරතුංගට !

කොවිඩ් 19 වෛරසයට එරෙහිව හඳුන්වා දී ඇති එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල සම්බන්ධීකරණ කටයුතු, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට පවරා තිබෙනවා. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කමිටුවේ තීරණය පරිදි එන්නත් සම්බන්ධ සියලු කටයුතු වීරතුංග මහතාට පවරා තිබේ.

ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය යන රටවල් මේ වනවිට එන්නත් හඳුන්වා දී තිබෙන අතර ඉන් ශ්‍රී ලංකාවට වඩාත්ම ගැලපෙන එන්නත් හඳුනාගෙන ඒවා ගෙන්වා ගැනීමට කටයුතු කළයුතු බව මෙම කමිටුවේදී අවධාරණය වී තිබෙනවා. ඒ අනුව එම සියලු කටයුතු ලලිත් වීරතුංග මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු වේ.

මීට අමරතව එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් මොනවාද, වැඩි අවදානම් සහිත කොටස් මොනවාද යන්න සම්බන්ධයෙන්ද අද මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනිණි. වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේදී සිදුකළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරු වූ අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.


No comments:

Powered by Blogger.