Wednesday, May 21 2025

Header Ads

පාඨලී සැළසුම් කළ නගර සංවර්ධන සැළසුම් සියල්ල අවලංගු කෙරේ – මහින්දගේ පෑන් පහරින් නවතා දැමූ සැළසුම් මෙන්න

හ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැතිවරයාව සිටියදී පාඨලී චම්පික රණවක මෙම නගර සංවර්ධන සැලසුම් විසි නවය අනුමත කරමින් 2019 වසරේ අවස්ථා හතරකදී ගැසට් නිවේදන විසි පහක් නිකුත් කර තිබුණා. එම ගැසට් නිවේදන සියල්ල අවලංගු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ලෙස පසුගිය 25 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා, මහරගම නගර සභාව සහ කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව ඇතුළත් අග නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය අවලංගු වනවා.

කොළඹ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභා, කොළොන්නාව, බොරලැස්ගමුව , පෑලියගොඩ සහ වත්තල මාබෝල නගර සභා, වත්තල හා කැලණිය ප්‍රාදේශීය සභාවල කොටසක් ඇතුළත් කොළඹ වාණිජ නගරය සංවර්ධන සැලැස්ම අනුමත කිරීමේ ගැසට් නිවේදනයද අවලංගු කර තිබෙනවා.

මීට අමතරව මොරටුව, කළුතර,බේරුවල, මහ ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මහව, කල්පිටිය, මන්නාරම, මහනුවර, හක්මන, මීගමුව, වැලිගම, හෝමාගම, බියගම, නුවරඑළිය, සීතාවක, කැලණිය, හම්බන්තොට, කතරගම, නින්දවූර්, මිහින්තලය, බදුල්ල සහ ඇල්ල යන සංවර්ධන සැලසුම් අනුමත කිරීමේ යහපාලන ගැසට් නිවේදනද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් අවලංගු වනවා.

-truenews


Leave a Comment

Powered by Blogger.