Header Ads

Breaking News
recent

පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති

ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් 10%ක පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 

"පොලිසියෙත් ඉන්නවා, සීයට දහයක් පමණ ඉන්නවා, පාතාලයට සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධතා තියෙන නිලධාරීන්. ඒ අයත් සුද්ද කිරීම මගේ වගකීමක්. මීට පස්සේ ඒ වගකීම මම බාරගන්නවා, ලේකම්තුමාත් බාරගන්නවා පොලිසියත් සමග" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සිය නව තනතුරේ වැඩ බාරගැනීමේ උත්සවය අමතමිනි. 

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකා පොලිසිය තුළ 8000ක පමණ නිලධාරීන් පිරිසක් පාතාලයට හා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව පෙනේ. මෙය සියල්ලට පෙර විසඳාගත යුතු, ඉතාමත්ම බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැත. 

මොවුන් හඳුනාගැනීමට අමාත්‍යවරයාට අවංක වුවමනාවක් ඇත්නම්, අප මීට පෙර ද නොයෙක් අවස්ථාවලදී පෙන්වා දී ඇති පරිදි කළයුතු වන්නේ පොලිස් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වත්කම් පරීක්ෂා කිරීමය. අනෙක් අතට ඉහළ නිලධාරීන් බේරාහැර පහළ නිලධාරීන් අතරින් පමණක් දූෂිතයින් සොයන්නේ නම් එයත් සාර්ථක නොවනු ඇත. 

No comments:

Powered by Blogger.