Header Ads

Breaking News
recent

සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තු අමාත්‍යංශයක් වෙලා, මහ පුටුවල ඉන්නෙ වැඩබැරි ටාසන්ලා - මුරුත්තෙට්ටුවේ හිමි (Video)

'අද අපිට තේරෙන වචනවලින් කතා කරනව නං සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තුම අමාත්‍යංශයක් බවට පත්වේගෙන යන්නෙ. අපි මේක නිරන්තරවම මතක් කළා සවුත්තු අමාත්‍යංශයක් කරන්න එපා, සවුත්තු දෙපාර්තමේන්තුවක් කරන්න එපා කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අද වැඩිපුරම ඉන්නෙ පළපුරුද්දක් නැති, කළ පුරුද්දක් නැති වැඩබැරි ටාසන්ලා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ක්‍රියාකාරීත්වය අනුව අපිට මේ වගේ වචන පාවිච්චි කරන්න වෙලා තියනවා.'

'අද මේ අමාත්‍යංශය ඇතුළෙ කෙනෙක්ගේ දුකක් කියන්න, කතා කරන්න කිසි බළධාරියෙක් නෑ. ඇමතිවරි‍යගෙත් බලතල ටික ටික අහිමි කරලා සෞඛ්‍ය අමාත්‍යංශෙ පුටුවට පමණක් සීමා කරන්න උත්සාහ දරමින් තිබෙනවා. අපිට මතකයි ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ හිටියා නොයේක් ඇමතිවරු මේ සෞඛ්‍ය අමාත්‍යංශයට. අපි ඒ කාලෙ කිව්වෙ පෙති ඇමති, ගුලි ඇමති, කරල් ඇමති කියලා.'

'සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නෙ පවුලක් වගේ එකට තියෙන්න ඕන තැනක්. අද මේක කෑලි කෑලිවලට කඩලා දාලා, වගකියන්න කෙනෙක් නෑ, අහන්න කෙනෙක් නෑ.'

සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙම අදහස් පළකළේ අද (01) පැවති මාධ්‍ය හමුවකදීය.

ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේ අද සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කරන්නේ ඇමතිවරිය හෝ අමාත්‍යංශ ලේකම්වරයා හෝ නොව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් බවයි. මෙය ඉතාම බරපතල තත්වයක් බැවින් එන පොට එතරම් හොඳ නැති බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද ආනන්ද හිමි පවසනවා.

No comments:

Powered by Blogger.