වැඩ අරගෙන… බෝනස් නොගෙවා… සේවකයන්ට ගහන්න නෙක්ස්ට් මැරයොත් එවලා…
කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ තමන්ට හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ වර්ජණය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස සැලකෙන නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ආයතනයට චෝදනා එල්ල වී තිබේ.
තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් සේවක සේවිකාවන්ට එරෙහිව පොලිස් බලමුළුවලට අමතරව මැරයන්ද කැඳවා තිබූ බව සේවක සේවිකාවෝ පවසති.
තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් සේවක සේවිකාවන්ට එරෙහිව පොලිස් බලමුළුවලට අමතරව මැරයන්ද කැඳවා තිබූ බව සේවක සේවිකාවෝ පවසති.
කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කම්කරු ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ සේවකයන් 2000ක් පමණ සේවයේ නිරතව සිටින නෙක්ස්ට් ආයතනයේ සේවකයන් 600ක් පමණ දෙවැනි කොරෝනා වසංගත දෙවන රැල්ල හමුවේ රෝගාතුර වූ බවයි.
ඒ හේතුවෙන් සේවකයන් පිරිසකට ස්වයං නිරෝධායනයට ලක් වීමටත්, තවත් පිරිසකට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමටත් සිදු වු බව පෙන්වා දෙන චමිලා තුෂාරි අවධාරණය කරන්නේ එම කාලය තුළදී සේවකයන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කිරීමක් සිදු වු බවයි.
එවැනි තත්වයක් හමුවේ දැඩි ආර්ථික පීඩාවකට ලක් ව සිටින කම්කරුවන්ට පාලනාධිකාරිය විසින් පොරොන්දු වු බෝනස් මුදල ලබා නොදීමෙන් ඔවුන් තවත් අසරණ භාවයට පත්ව ඇති ආකාරය පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි තව දුරටත් අවධාරණය කරන්නේ අතේ ප්‍රමාණවත් මුදලක් නොමැතිව නිවාඩු සමයේ ඔවුන්ට ගමට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.
නත්තල් නිවාඩුවට නිවෙස් බලා පැමිණිම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පමණක් සිදු කරන ලෙස සේවකයන්ගේ ගම් ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට දැනුම් දී ඇතත් පුද්ගලික මුදල් වියදම් කර PCR පරීක්ෂණ කිරීමට නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ට මුදල් නොමැති බවද ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි.
මූලාශ්‍ර – theleader
No comments: