Header Ads

Breaking News
recent

ගෙදරින් පැන ගිය කොවිඩ් රෝගියා පෙම්වතියගේ නිවසෙන් හමුවෙයි


කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා යන අවස්ථාවේදී නිවසෙන් පළාගොස් සිටි සපුගස්කන්ද  මාකොල  දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයා පොලිසිය අද පෙරවරුවේ සොයාගනු ලැබුවා.

ඒ, ඔහු එම ප්‍රදේශයේම පිහිටි සිය පෙම්වතියගේ නිවසේ සැඟව සිටියදීයි.

බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණ සපුගස්කන්ද – මාකොල ප්‍රදේශයේ සිය නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණා.

ඒ අනුවයි සෞඛ්‍ය බලධාරීන් ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සොයා ගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී ඔහු නිවසේ නොසිට පළාගොස් තිබූ අතර, ඒ අනුවයි පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් ඔහු සොයා විමර්ශන ආරම්භ කළේ.

ඒ අනුව සපුගස්කන්ද පොලිසියට ලද තොරතුරකට අනුව අද උදෑසන මෙම තරුණයා සොයාගෙන තිබෙනවා.

ඔහු සබඳතා පැවැත් වූ පුද්ගලයින් සොයා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.


No comments:

Powered by Blogger.