Header Ads

Breaking News
recent

මන්ත‍්‍රීවරුන් තේ බොද්දී අයවැය සම්මත වෙයි

ලන්ගොඩ නගරසභාවෙි 2021 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය වාර්තාව සදහා ඡන්ද විමසිමක් සිදු කලද පක්ෂ විපක්ෂ කිසිම මන්ත්‍රී වරයෙකු ඡන්ද ලබා නොදුන් බවත් ඒ හේතුවෙන් අයවැය වාර්තාව සමිමත වු බවද නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා (04) පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කල අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු සභාපති නිමල් ගාමිණී මහතා විසින් අයවැය සදහා ඡන්ද විමසිමක් සිදු කල යුතු බවට යෝජනා කලේය.

ඡන්ද විමසිම සදහා විනාඩි 15 ක කාලයක් ලබා දුන් අතර තේ පානයද එම විනාඩි 15 අතර සිදු විය. නමුත් පක්ෂ විපක්ෂ කිසිම මන්ත්‍රීවරයෙකු ඡන්දය දිම සදහා ඉදිරිපත් නොවු අතර ලබා දුන් විනාඩි 15 අවසන් වු පසු අයවැය වාර්තාව සමිමත වු බව පවසා පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ට සහ මාධ්‍යට ස්තුතිය පළකර සභාපති චාමික ජයමණ විමලසේන මහතා සභාවෙන් පිටව ගියේය.

කෙසේ වෙතත් සභාපති වරයා සභාවෙන් පිටව යන අතර තුර පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රී වරැ කැ කෝ ගසන්නටද විය.එලෙස අයවැය සමිමත විම සමිබන්දයෙන් පක්ෂ විපක්ෂ කිසිම මන්ත්‍රීවරයෙකු සැහිමකට පත් නොවුණි.

බලන්ගොඩ නගරසභාවෙි එක්සත් ජාතික පක්ෂය සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරැ 06 ක්,ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී වරැ 01,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රී වරැ 03 ක් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරැ 06 ක් නියෝජනය කරයි.

– බලන්ගොඩ විශේෂ සමිපත් ප්‍රියනන්දන


No comments:

Powered by Blogger.