Header Ads

Breaking News
recent

රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)

කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන ධම්මික බණ්ඩාර නමැත්තා සිදු කරන්නේ පට්ටපල් බොරුවක් බවත්, රටම ඇන්දීමක් බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසනවා. පෙදරේරුවෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා දේවාලයක කපුවෙකු මිස ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හෝ පාරම්පරික වෙද මහතෙකු හෝ නොවන බවයි දසනායක මහතා පෙන්වා දෙන්නේ.

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඔහු සොයා ගත් ඖෂධය ලබා දී ඔවුන් නිට්ටාවටම සුවපත් කළ බව පැවසුවද එම රෝහලේ කායික වෛද්‍ය විශේෂඥවරුන් කිසිවෙකුත් මේ පිළිබඳව නොදන්නා බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

වතුපිටිවල රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් නොවන බවත්, එය කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා එහෙත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන පුද්ගලයන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නක් බවත් ගිෂාන්ත නානායක්කාර මහතා පවසනවා. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට කිසිදු ඖෂධයක් ලබාදීමට අවශ්‍ය නොවන බවද වෛද්‍යවරයා පවසනවා. එසේ ඖෂධ ලබාදීමකින් තොරව වෛරසය ආසාදනය වී දින 07 - 14 අතර කාලය තුළ ඔවුන්ගේ ශරීරවලින් වෛරසය ඉවත් වී යන බවත් ඔහු පවසනවා.

එසේ තිබියදී එම ආසාදිතයන්ට තමන්ගේ ඖෂධය ලබාදී ඔවුන් සුවපත් කළ බව පවසන පුද්ගලයා මේ සිදු කරන්නේ වසංගත තත්වයක් හමුවේ ඒ පිළිබඳව කටයුතු කරන වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බළධාරීන්ගේ වටිනා කාලය කා දැමීමක් බවද ගිෂාන්ත නානායක්කාර මහතා පවසනවා.


No comments:

Powered by Blogger.