Header Ads

Breaking News
recent

අපි හිතුවේ දියසෙන් කුමාරයෙක් ඉපදුණා කියලා - දියසෙන් කුමාරයාට දැන් පුරෝහිතලා පාලනය කරගන්න බැහැ (VIDEO)

මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කරගත්තේ රට හොඳ තැනකට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වුවද මේ වන විට එම විශ්වාසය පළුදු වී තිබෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය. 

රට සෞභාග්‍යමත් කිරීමට හැමදෙනාම කැමති වුවද කාගේ කරුමයක්,කාගේ දෝෂයක්,කාගේ බලපෑමක් නිසා ජනතාවට කලකිරීමක් ඇතිව තිබෙන්නේද යන්න සිත ගැනීමට නොහැකි බවයි උන්වහන්සේ කියාසිටියේ. 

ජනතාවගේ කලකිරීමට හේතුව නොසොයා ඉදිරි ගමනක් යා නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළහ. 

අද මැති ඇමති කෙනෙකුට දෙන දුරකථන ඇමතුමක් ගැනීමට කෙනෙක් නොමැති අතර දුරකථනවලට කොරෝනා සෑදී ඇත්ද යන්න සැකයක් පවතින බවයි ආනන්ද හිමියන් පැවසුවේ. 

''ජනතාව පත්කරපු ආණ්ඩුවේ ජනතාවගේ දුක සැප හොයන්න මන්ත්‍රීවරු යන්න ඕනේ. කොරෝනා බෝ වෙනවා කියලා බය නම් අස්වෙලා යන්න ඕනේ. අද දුරකථනයට කතා කරන්න කැබිනට් එකේ ඉන්න ඇමතිවරු පහක්වත් නැහැ. පියන්ට කියල තියෙන්නේ වැඩක් පස්සේ කතා කරන්නන් කියල කියන්න. රට හදනවා නම් මුලින්ම ඔය ඇමති මණ්ඩලය හදල ආයතන ටික හදන්න වෙනවා.''

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශද අන්තයටම පිරිහී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියහ. 

No comments:

Powered by Blogger.