Header Ads

Breaking News
recent

ජනාධිපති දෙමල ජනතා හැගීම් තකන්නේ නෑ.. ජනාධිපතිගේ සූදානම හමුදා පාලනයක් ඇති කිරීමයි

ත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දමිළ ජනතාවගේ හැඟීම් වලට කිසිදු ගරු කිරීමක් කරන්නේ නැතිව කටයුතු කරමින් සිටින්නේ යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් සඳහන් කරයි. ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ ජාතිවාදී කණ්ඩායම් වල උපදෙස් අනුව බවද පවසන ඔහු පෙන්වා දෙයි.

මේ හෙතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අකැමති තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසීය.

අද වන විට මෙරටේ ප්‍රධාන සිවිල් තනතුරැ වලට හමුදා නිලධාරීන් පත් කිරීම ආරම්භ කර ඇති බවත් ජනාධිපතිගේ සූදානම මෙරට හමුදා පාලනයක් ඇති කිරීම බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුවට ඉදිරියේදී ජනතා සහයක් නොලැබී ගියහොත් හමුදා පාලනයක් ගෙන ඒමට වුවත් පසුබව නොවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ මන්නාරමේ දී තම කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Powered by Blogger.