Header Ads

Breaking News
recent

අරණායක පාලම උඩදී තරුණයෙකුට පොලූවලින් පහර මරා ගගට දමයි…

අරණායක රහල මාර්ගයේ සපත්තු පාලම මතදි පොලූවලින් පහර දි 30 හැවිරිදි අවිවාහක තරුණයෙකු ඝාතනය කර ඔහුගේ සිරුර මා ඔයට දෙසට තල්ලූ කර යෑමේ අවාසනාවන්ත සිදු විමක් ජනවාරි 01 වැනි දින අරණායක පොලිසියේ හදිසි ඇමැතුම් අංකයට පුද්ගලයෙක් විසින් ලබා දුන් බවත් පසුව සිද්ධියට අදාල සැකකරුවන් 6 දෙනෙකු සහ අපරාධයට යොදා ගත් යතුරු පැදියක් අත්අඩංගුට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම පහර දිමෙන් මිය ගොස් ඇත්තේ අරණායක අරම පදිංචි අසංක කුමාර කරුණාරත්න යන අයයි. මිය ගිය තරුණයා ත‍්‍රීරෝද රථ රියදුරෙකි. මෙම පහර දිම සිදු කර ඇත්තේ එම දින සවස 7.00 ත් 9.00 අතර කාලයේදිය. මිය ගිය තරුණයා අරණායක අරම ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකු වන මොහුට පහර දි ඇත්තේ කාලයක් තිස්සේ තිබු ආරවුලක ගැටලූවක් මුල් කර ගෙන බව මේ සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද පොලිසිය පවසයි. මිය ගිය ත‍්‍රීරෝද රථ රියදුරාට සහ එම තී‍්‍රවිල් රථයේ ගමන් කරන ලද තවත් තරුණයන් දෙදෙනෙකුට පිරිස පහර දි ඇති අතර ඔහුන්ගෙන් එක් තරුණයෙක් මේ වන විට කෑගල්ල රෝහලේ සහ අනිත් පුද්ගලයා අරණායක රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරයි. කෑගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබන පුද්ගලයාගේ ද ශරිරයේ බොහෝ ස්ථාන වල තුවාල සහ තැලිම් ගණනාවක්ම සිදු වි ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක් වු තරුණයා සහ ඔවුන්ගේ මිත‍්‍රයන් දෙදෙනා රාත‍්‍රීයේ මත්පැන් පානය කර බුලත් විටක් ගැනිමට අරණායක නගරය වෙත පැමිණ ඇති අතර එය රැුගෙන යමින් සිටයදි ත‍්‍රීරෝද රථය පිටුපසින් පැමිණි යතුරුපැදියක පුද්ගලයෙකු අරම සපත්තු පාලම අසලදි ත‍්‍රිවිල් රථය මග හරස් කොට නවත්වා ත‍්‍රීරෝද රථය පැදවු පුද්ගලයාට පහර දි ඇති අතර එම සිදු විමෙන් තම මිත‍්‍රයා බේරා ගැනිමට ත‍්‍රීවිල් රථයේ පැමිණි සෙසු තරුණයන් උත්සාහ කරද්දි තවත් පිරිසක් පැමිණ එම තරුණයන්ටද පහර දුන් බවත් පහර දිමෙන් පසුව අදාල සැකකරුවන් එම ස්ථානයෙක් පලා ගොස් ඇති බව මේ වන විට විමර්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

මෙ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හය දෙනා සහ අපරාධය වෙනුවෙන් යොදා ගත් යතුරු පැදියද අද 03 මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද අරණායක පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

No comments:

Powered by Blogger.